2014 ගැන කතාව පස්සට තියමුකෝ... ගත වෙච්ච 2013 අවුරුද්දනං ඉතිං කාට කොහොම උනත් මංතුමාටනං ඉතිං ජීවිතේ ගත වෙච්ච හොඳම අවුරුද්දක් තමා ඕං... ඒ හින්දා ඔන්න මුලින්ම මං කැමතියි 2012 අවුරුද්ද ගෙවිලා 2013 ලබන වෙලාවේ මට සුභ නව වසරක් වේවා කියලා සුභ පතපු හැමෝටම බොක්කෙන්ම ටැංකිවු පාරක් දාන්න.. මොකද කිව්වොත් ඒ අය කොරාපු ප්රාර්ථනාව ඒ ආකාරයෙන්ම ඉස්ඨ සිද්ධ වෙලා.. ගත වුන 2013 අවුරුද්ද මට බොහෝම සාර සුබාවට ජයම වෙච්ච අවුරුද්දක් උනා ඕං... ඒ හින්දා හැමෝටම ටැංකිවුලා ඈ...
ඔහෙලට කියන්න මේ ගෙවිච්ච අවුරුද්දේ තමා මං කාලයක් තිස්සේ කොර කොර හිටිය රස්සාව අල්ලලා දාලා කොළඹට පය ගැහුවේ හරි හමන් රස්සාවක්ය කියලා එකක් ගැන නොහිතා එන විදියකට අල්ලගෙන යන්න හිතාගෙන.. හැබැයි ඉතිං කිසිම අවුලක් නැති කොහොම හරි කාලේ ගත උනා.. මොන මොනවා හරි ඉගෙන ගත්තා... වෙනදා වගේම රටේ තොටේ ඇවිද්දා කලා... කොටින්ම කිව්වොත් සැපෙන් සනීපෙන්..ආතල් එකෙන් හිටියා... මං හිතන්නේ ගත උන ජීවිත කාලේ පුරාවටම මෙහෙම කිසි අවුලක් නැති අවුරුද්දක් කියලා කියන්න තිබුන එකම අවුරුද්ද 2013 අවුරුද්ද විතරක්මද මංදා... එහෙම බලද්දි ගත උන අවුරුද්දට මං ආයුබෝං කියන්නේ පුල් හැපී එකේ තමා ඕං...
හැබැයි ඉතිං මේ ලෝක ධාතුවේ අංග සම්පූර්ණ කිසිම දෙයක් නැහැ කිව්වැහේ.. ගත උන අවුරුද්ද මගේ මේ බ්ලොග් කටුවටනං ටිකක් විතර අපල දුන්න අවුරුද්දක් තමා... මේක කියනව බලන හැමෝටම ඒ ගැන මං අමුතුවෙන් කියන්ට ඕන නැහැ නෙව... එයිට කලින් අවුරුදුවල හැටට හැටේ ලියං ගිය බ්ලොග් කටුව මේ ගත උන අවුරුද්දේ ගියේ පල්ලමටම නෙව... මක්කා කොරන්නද.. එක පැත්තක් උඩ යන කොට අනිත් මොකාක් හරි පැත්තක් පාත් වෙන්නම එපෑ.. මොකද මේ ජීවිතේ කියන එකත් හරියට තරාදියක් වගේ නෙව... ඒත් ඉතිං පහුගිය තිස් පස් අවුරුද්දක විතර කාලේ එක්කලා ගත්තම ජීවිතේ ඉස්සුන පාත් උන දේවල්වල හැටියට බ්ලොග් එක පාත් වෙලා විතරක් නැවතුන එක මදෑ වෙන මගුලක් නොවී.. හා නැද්ද හා...?
හරි එහෙමනං ඉතිං ඔන්න කොහොමින් කොහොම හරි අපි හැමෝම 2013 අවුරුද්දට ආයිබෝං කියන වෙලාවේ.. ඔය හැමෝමත් එක්කලාම එකතු වෙලා මාත් මේකට ආයිබෝං කියලා කියන්න කැමතියි... හැබැයි ඉතිං 2014 අවුරුද්දට අනිවාර්යයෙන්ම අමාරු වැඩ ටිකක් යෙදිලා තියෙන හින්දා 2013 වගේ ආතල් වර්ෂයක් වෙන එකක් නැහැ කියලා ටක්කෙටම කිව්වැකි... ඒ කොහොම උනත් අපි හැමෝටම එළඹෙන්නා වූ 2014 අවුරුද්ද පුළුවන් තරමේ හොද අවුරුද්දක් වේවා කියලා පතන ගමන්ම ඔන්න මේ අවුරුද්දේ අවසාන පෝස්ටුව හැටියට මේක දාලා මාත් කැපුනා...
සියළු දෙනාටම ලබන්නා වූ නව වසර කිරි පැණි කොහොම උනත්... ආදයම් සරු වෙන.. යහපත් සිතිවිලි ඇති වන.. සිහි බුද්ධියෙන් වැඩ කටයුතු කොරගන්නට හම්බ වෙන... ඕන කේස් එකක් අවුලක් නොවී ගොඩ දාගන්න ලැබෙන... සාර්ථක වසරක් වේවා..!
(පොඩි ඉල්ලීමක්... හිතලා හෝ නොහිතා හෝ පත්තු කරන්න රතිඤ්ඤා ගෙනත් තියෙන උදවිය ඒවා පත්තු නොකර හිටිනවනං වඩා හොඳයි... අපිට ආතල් උනාට බල්ලෝ බළල්ලු ඇතුළු සත්තු පුදුම දුකක් විදිනවා මේ දවස් දෙක තුනේ... අපේ ආතල් වෙනුවෙන් අසරණයින්ගේ ආතල් නොකඩා ඉන්න බලමු... ඔය ඩෝං ඩෝං නැතිවට අපිට පාඩුවක් වෙන්නේ නැහැ නෙව... රයිටෝ.. ටටා බායි කිව්වා..)
(පොඩි ඉල්ලීමක්... හිතලා හෝ නොහිතා හෝ පත්තු කරන්න රතිඤ්ඤා ගෙනත් තියෙන උදවිය ඒවා පත්තු නොකර හිටිනවනං වඩා හොඳයි... අපිට ආතල් උනාට බල්ලෝ බළල්ලු ඇතුළු සත්තු පුදුම දුකක් විදිනවා මේ දවස් දෙක තුනේ... අපේ ආතල් වෙනුවෙන් අසරණයින්ගේ ආතල් නොකඩා ඉන්න බලමු... ඔය ඩෝං ඩෝං නැතිවට අපිට පාඩුවක් වෙන්නේ නැහැ නෙව... රයිටෝ.. ටටා බායි කිව්වා..)
//ඇත්තටම කිව්වොත් අපූර්වත්වයක් තිබුන බ්ලොග් එකක්... ඒත් බොරුව මත පදනම් උන...//
බොරුව කිව්වේ ඇතුලත් කරුණු නොවෙයි මාරය. ඔබ පොත් පත් වල සොයාබලන්න මම කියපු දේවල් කොච්චර සත්යද කියල. ප්රශ්නේ වුනේ මම ගියේ නැති එක විතරයි...
මම කාවවත් දැනුමෙන් මුලා කළේ නැහැ !//